BREAKING NEWS
Search

ප්‍රභූන් පිරිසක් රටින් පිට වෙයි

1120

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය තුළ ඊයේ රාත්‍රී 06.00  සිට දැඩි ආරක්ෂාවක් යොදවා ඇත.  ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරක්ෂක රාජකාරියේ යොදවා ඇතැයි ද අප වාර්තා කරුවෝ පවසති.

එසේම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ මේ වනවිට ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රභූවරුන් රාශියක් විදෙස් රටවල් බලා පිටත්ව ගොස් තිබේ .

හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා ද   ඉන්දියාවේ  බලා පිටත්ව ගොස් ඇති අතර  එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් ඇත.

ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමියන් හොංකොං බලා වැඩම කළ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.

ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ මහත්මිය සහ ඇයගේ පියා තිලකසිරි වීරසිංහ අද ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ .

කටුනායක ගුවන් තොටුපොළ සිට ඇමෙරිකාව බලා ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවන නිසා ඔවුන් ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යන්නට ඇතැයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *