BREAKING NEWS
Search

මැතිවරණ දිනයේ සිද්ධීන් ගැන පොලීසියෙන් හෙළිදරව්වක්

142

මැතිවරණය පැවති කාලසීමාව තුළ කුඩා සිදුවීම් කිහිපයක් වාර්තා වූ බවත් ඒ සම්බන්ධයෙන් 10 දෙනෙක් පමණ අත්අඩංගුවට ගැනුණු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මේ අතර පැෆ්රල් සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මෙම ජනාධිපතිවරණය මෙරට මෑත ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණයක් බවයි.

මෙවර වාර්තා වී ඇත්තේ එක් ප්‍රචණ්ඩකාරී සිදුවීමක් පමණක් බව ඔහු සඳහන් කළේය.

එසේම ඡන්ද පත්‍රිකාව ඉරා දැමීමේ සිදුවීම් දෙකක් සහ ඡන්ද පත්‍රිකාව වීඩියෝ ගත කිරීමේ අවස්ථා දෙකක් ද වාර්තා වී ඇති බව ඔහු පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *