BREAKING NEWS
Search

පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්

325

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ මැතිවරණ කොට්ඨාශයෙන් වාර්ථාවේ.

හොරණ මැතිවරණ කොට්ඨාශයට අයත් ඉංගිරිය පොලිස් බලප්‍රදේශයේ පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය පිහිටි සිද්ධාර්ථ කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙන් එම සිදුවීම වාර්තාවේ .

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කළුතර දිස්ත්‍රික් ලේකම් ජනක කේ ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. හොරණ පැලපිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානයෙන් එවැනි සිදුවීමක් වාර්ථා වෙනවා. මේ වනවිට ප්‍රදේශ භාර කලාප භාර සහකාර තේරීම් භාර නිළධාරීයා මූලික සොයාබැලීම සදහා  එම ඡන්ද මධ්‍යස්ථානයට යොමුකලා . ඔහුගේ නිර්දේශයට අනුව විමර්ශනයක් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *