BREAKING NEWS
Search

රට පනින්න ගිහින් වැඩ වැරදුනු ඩෑන් ප්‍රියසාද්

290

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්‍රීයේ ආපසු හරවා යවා තිබේ .

ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගුවන්  ගමන් තහනමක් පැවතීම නිසා , ඔහු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු ආපසු හරවා යවා තිබේ .

ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නැමැති මොහු ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-653 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ රාත්‍රී 08.35ට පැමිණ තිබුණි .

ඩෑන් ප්‍රියසාද් 2022 මැයි 09 දින කොළඹ  ගාලු මුවදොර සාමකාමී විරෝධතාවයට පහරදීමේ නඩුවේ 06 වැනි විත්තිකරු ලෙස නම් කර තිබේ .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *