රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
දෙහිවල, නැදිමාල ප්‍රදේශයේදී අද උදෑසන පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ, ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම ඥාතියෙකු වන 45 හැවිරිදි පුද්ගලයෙක්.
අද උදෑසන 6.40ට පමණ දෙහිවල, නැදිමාල ක්‍රීඩා පිටිය අසලදී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් තවත් යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයකු ඉලක්කර වෙඩිතබා පළාගොස් ඇත.
ඒ අසල සවිකර තිබූ CCTV කැමරාවක සිද්ධිය පටිගතවී තිබේ.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, 45 හැවිරිදි දෙහිවල නගර සභාවේ සේවකයෙකු වන අනුර කොස්තා නමැත්තෙකි.
පසුගිය 15 වනදා බඩෝවිට ප්‍රදේශයේදී හා ඊයේ (19) කොහුවල ප්‍රදේශයේදී සිදුකළ පුද්ගල ඝාතන හා අද දිනයේදී සිදුකළ ඝාතනය අතර සම්බන්ධයක් ඇති බවට නිරීක්ෂණය වන බවද පොලිසිය සඳහන් කරයි.




















