BREAKING NEWS
Search

උණ්ඩවල කේ.පී.අයි. කියලා ගැහුවේ කංජිපාණිගේ නමද..? ක්ලබ් වසන්ත ඝාතනය ගැන වෙළඳසැළක සහයකයෙකු පාපොච්ඡාරණය කරයි..

1148
ඔහුගේ ඝාතනයේ සුලමුල ගැන ගොඩක් දෙනෙක් කතාකරනවා..

තවමත් අබිරහසක් වුණ ඒ කාරණය ගැන තවත් වැදගත් කතාවක් තමයි මේ කියන්න යන්නේ..

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුලු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනයට යොදා ගත් ගිනි අවිවල තිබූ උණ්ඩවල කේ.පී.අයි. (KPI) ලෙස සටහන් කර තිබුණේ, කංජිපාණි ඉම්රාන්ගේ නම බවට තහවුරු වී තිබෙනවා..

ඒ පසුගියදා අත්අඩංගුවට ගත් අලුත්ගම – දර්ගා නගරයේ වෙළඳසැළක සහයකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයා සිදු කළ පාපොච්ඡාරණයට අනුවයි..

24 හැවිරිදි මොහු වෙඩි තැබීම සඳහා භාවිත කළ උණ්ඩවල කේ.පී.අයි. ලෙස සටහන් කිරීම සහ සැකකරුවන් ප්‍රවාහනය කිරීමේ චෝදනා මත බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *