රෝහලට PCR යන්ත්‍රයක් ගන්න ගොවි මහතෙක්ගෙන් ලක්ෂ පහක්

125

ඇඹිලිපිටිය රෝහලට PCR යන්ත්‍රයක් ලබාගැනීම සඳහා ප්‍රදේශවාසීන් එක්ව වැඩපිළිවෙලක් ආරම්භ කොට තිබෙනවා.

විවිද ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් විශාල වශයෙන් පැමිණෙන ඇඹිලිපිටිය රෝහලට PCR යන්ත්‍රයක් නොමැති නිසා ප්‍රතිපල ලබා ගැනීමට දින ගණනක් ගතවන අතර බලධාරීන් ඊට පිළියමක් නොයෙදීම නිසා ප්‍රදේශයේ ජනතාව මෙම පියවර ගෙන තිබෙනවා.

ඇඹිලිපිටිය රෝහල් සංවර්ධන කමිටුවේ ගිණුමට ප්‍රදේශවාසීන් මුදල් තැන්පත් කරන අතර අද වනවිට රුපියල් ලක්ෂ 35කට ආසන්න මුදලක් එකතුවී ඇති බව වාර්තා වනවා.

ප්‍රදේශයේ ගොවි ජනතාව ද මේ සඳහා තම දායකත්වය ලබාදෙන අතර අනූ දෙවන වියේ පසුවන මහවාඩියේ හීන් මහත්තයා නම් වන ගොවි මහතා ද ඒ සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් පිරි නමනු ලැබුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *