BREAKING NEWS
Search

ෆේස් බුක් එකේ තවම ඡන්ද වැඩ කරන අයට වැඩ වරදී ?

171

සමාජ මාධ්‍යයන්හි  මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන  ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට  නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු  සිදුවන බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  තාක්ෂණික කාරණා හේතුවෙන් සමාජ මාධ්‍යවලින් මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කිරීම ප්‍රායෝගිකව දුෂ්කරවී ඇති බවයි.

සමාජ මාධ්‍ය  ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ අසූවකට ආසන්න පිරිසක්  මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා ඒවා නතර කරන  ලෙසට පසුගියදා  උපදෙස්දී තිබිණ.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ  අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති)   චින්තක කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී  ඔහු පැවසුවේ එම ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට දිගින් දිගටම උපදෙස්  දුන්  බවයි.

එසේම මැතිවරණ කොමිෂන් සභාව නතර කරන ලෙස උපදෙස්  දුන්නද  මැතිවරණය සම්බන්ධයෙන්  සමාජ මාධ්‍ය හරහා  විවිධ සමීක්ෂණ වාර්තා නිකුත් කිරීමද අඛණ්ඩව සිදුවන බව දැනගන්නට ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *