ශිෂ්‍යත්ව පේපරේ වට්ස්ඇප් යැවූ ගුරන් තිදෙනා ගැන ගත් තීරණය

819

අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ  පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා අද(19)දින පැවසිය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශාලාධිපතිවරයා ඇතුළු මෙම තිදෙනා ගෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්ව පසුගියදා ප්‍රකාශ සටහන් කොට ගෙන තිබුණි.

පසුගිය 15 වැනි දින  අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ  පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේදි විභාගය පැවැත්විමට පෙර පළමු විභාග ප්‍රශ්න පත්‍රය එම විභාග මධ්‍යස්ථානයේ සහකාර ශාලාධිපතිවරයා විසින් සිය ජංගම දුරකතනයෙන් ජයාරැප ගත කොට උපකාරක පංති පවත්වන ගුරුවරු පිරිසකට යවා ඇති බවට සිදුකළ මුලික විමර්ශණයේදි තහවුරැවු බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මෙහිදි පැවසිය.

ඒ අනුව එම ශිෂ්‍යත්ව විභාග ශාලාවේ සේවය කළ ශාලාධිපතිවරයාත්,සහකාර ශාලාධිපතිවරයාත්,එම විභාග ශාලාවේ සේවය කළ ගුරැවරැයෙකුගේත් සේවය අත්හිටුවා ඔවුන්ට විරැද්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනිමටද නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *