බැලුම්මහර වැලිවේරිය පාර ප්‍රදේශයේ නවාතැන්පලක කාමරයක් තුල මත් ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි තරුණ යුවළක් අද (19) අත් අඩංගුවට ගත් බව යක්කල පොලිසිය පවසනවා.
සැකකාර යුවළ සිටි කාමරය පරීක්ෂා කිරීමේදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26යි මිල ග්‍රෑම් 250 ක් සහ සැකකාරිය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 3500ක් හමු වූ බවද පොලිසිය සඳහන් කළා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අඹගස්පිටිය කඳුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 32 හැවිරිදි පුද්ගලයකු වන අතර සැකකරුට මීට පෙරද මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් හිරියාල පොලිසිය මගින් අධිකරණයේ නඩු පවරා ඇති අතර අවිස්සාවේල්ල මීගහ ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිකාරික වන 22 හැවිරිදි තරුණියක් අනෙක් සැකකාරිය වනවා.
මෙම යුවළ පෙම්වතුන් බවත් විවාහ වී නොමැති බවත් අනාවරණය වී තිබෙනවා.

















