අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා..
අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ රමිත් රඹුක්වැල්ල විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවාස දෙකක් රුපියල් මිලියන 80 සහ රුපියල් මිලියන 65 බැගින් මිලදී ගෙන තිබෙන බවයි..
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවත්, ඊට අදාළව එම දේපළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, එම කොමිසම අද අධිකරණයෙන් ඉල්ලා සිටියා..
එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාල දේපල ලබන දෙසැම්බර් මස 19 වනදා දක්වා තහනම් කරමින් නියෝගයක් නිකුත් කළා..
















