BREAKING NEWS
Search

මිෂෙල් දිල්හාරා රඟන පළමු දමිළ චිත්‍රපටය ලගදීම තිරගත වීමට නියමිතයි

5913

ජනප්‍රිය නිළි මිෂෙල් දිල්හාරා හට දමිළ සිනමාවට ආරාධනා ලැබී ඇති බවට අපි මීට පෙරාතුව ම තොරතුරු අරන් ආවා මතක ඇති.

ඒ, මිෂෙල් දිල්හාරා එක්වන පළමු දමිළ චිත්‍රපටය ගැන.

චිත්‍රපටයේ නම ”අධිරන්” (Adhiran)

මෙහි තවත් විශේෂත්වයක් තමයි, පළමු දමිළ සිනමා පටයෙන්ම ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට තරම් මිෂෙල් වාසනාවන්ත වීම.

ඇය ඊට රංගනයෙන් එක්වන්නේ සුදර්ශන් රවීන්ද්‍රන් සමඟ.

Monara

චිත්‍රපට අධ්‍යක්ෂණය තිනේෂ් කනගරාජ්ගේ. එය නිෂ්පාදනය කෙරෙන්නේ` Adrian Productions විසින්.

චිත්‍රපටයේ රූගත කිරීම් මේ වනවිට අවසන් බවයි ආරංචිය.

ශ්‍රී ලාංකීය දමිළ චිත්‍රපටයක් ලෙස නිර්මාණයව ඇති එය නුදුරේදීම දිවයින පුරා තිරගත කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.

චිත්‍රපටයේ පළමු පෝස්ටරය මීට ඉහත මාධ්‍ය වෙත මුදා හැරියා. මේ වෙද්දි එහි දෙවැන්නත් එළියට ඇවිත්.

මිෂෙල් එය, ”මගේ පළවෙනි දමිළ චිත්‍රපටය – “Adhiran” මැයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙනත් තිබුණා.

Monara

මිෂෙල් දිල්හාරා කියන්නෙ නව පරපුරේ දක්ෂතම සහ ජනප්‍රියම රංගන ශිල්පිනියන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන තාරකාවක්. සම්මානනීය තාරකාවක්.

අනවශ්‍ය කලබලයකින් තොරව හිමින් ගමනක් යන ඈ මෙතෙක් රඟපෑ සියලු නිර්මාණ ඔස්සේ කතාබහට ලක්වන රංගන ශිල්පිනියක් වීමට තරම්, වාසනාවන්ත වූ බවත් නොරහසක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *