BREAKING NEWS
Search

එයා නාන්නේ නෑ. ඒ නිසා මට තවත් එයත් එක්ක ඉන්න බෑ – අඩුවෙන් නාන සැමියාගෙන් දික්කසාදය ඉල්ලු බිරිද

14531
සනීපාරක්ෂාව පිළිබඳ ඇති ගැටළු හුවා දක්වමින් විවාහයෙන් දින හතළිහකට පසු කාන්තාවක් දික්කසාදය ඉල්ලා ඇති පුවතක් විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

මෙය වාර්තා වන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා හි.

අදාළ කාන්තාව විවාහයෙන් දින හතළිහකට පසු දික්කසාදය ඉල්ලා ඇති බවයි ඉන්ඩියා ටුඩේ හි පළ කර ඇත්තේ.

ඇය මෙලෙස දික්කසාදය ඉල්ලා ඇත්තේ, ස්වාමිපුරුෂයා නිතිපතා ස්නානය නොකරන නිසාවෙන් සනීපාරක්ෂාව පිළිබඳ ඇති ගැටළු හුවා දක්වමින්.

ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ, අදාළ පුද්ගලයා ස්නානය කරන්නේ මසකට වරක් හෝ දෙවරක් පමණක් වන බවයි.

එමෙන්ම විවාහ වී පළමු දින 40 තුළ එම පුද්ගලයා ස්නානය කර ඇත්තේ ද හය වතාවක් පමණක් බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

එම දින 6 ද ස්නානය කර ඇත්තේ බිරිඳ දැඩිව බල කළ නිසා බව සඳහන් කරන ඇය මේ හේතුවෙන් දික්කසාදය ඉල්ලා ඇති බව සදහන්.

පසුව මෙම යුවළ උපදේශනය සඳහා කැඳවා ඇති බවත් වාර්තා වනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *