සමාජ මාධ්‍ය කැලබු ඉන්දීය වෛද්‍යවරියගේ මරණය නිසා ප්‍රධාන නිලධාරීන් හතර දෙනෙක්ට වූ දේ

425

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඉන්දියාවේ පැරණිතම වෛද්‍ය විද්‍යාලයක් ලෙස සැලකෙන කොල්කටාහි RG Kar වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබමින් එම නමින් යුතු රෝහලේ පශ්චාත් උපාධි පුහුණුව ලබමින් සිටි 31 හැවිරිදි  මවුමිතා දෙබ්නාත් නමැති වෛද්‍ය සිසුවියක මෙලෙස ඝාතනය විය.
අගෝස්තු 9 වන සිකුරාදා උදෑසන, වෛද්‍ය මවුමිතා දෙබ්නාත්ගේ දේහය රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට යාබද රැස්වීම් ශාලාවක තිබී සොයා ගෙන තිබුණි.

හමුවන විට සීරීම් තුවාල සහිතව ඇය අඩ නිරුවතින් මියගොස් සිටි බවත් කිසියම් හිරිහැරයක් සිදුව ඇති බව බැලුබැල්මට හදුනාගන්නට ලැබුණ බවත් පෙ‍ාලිසිය පවසා තිබේ. වැඩිදුර විමර්ශනයේදී ඇය ඝාතනය කරන්නට පෙර දූෂණය කර තිබූ බව අනාවරණය විය.
ඇයට එදින රාත්‍රී වැඩ කිරීමට තිබී ඇති අතර වැඩ නිමවී නිදාගැනීම සඳහා මෙම ශාලාව භාවිත කර ඇය නිදාසිටි අවස්ථාවේ පැමිණි කිසිවෙකු විසින් ඇයට මෙම කරදරය කරන්නට ඇති බවට සැක කෙරේ. සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට සංජේ රෝයි නමැති අයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති නමුත් වරද සිදු කළේ ඔහුදැයි පැහැදිලි නැත.සීසීටීවී පවා සවිකර නැති රෝහලේ ආරක්ෂව සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තිබූ බව වාර්තා වෙයි.

31 හැවිරිදි වෛද්‍ය සිසුවිය ඇයගේ අධ්‍යයන කටයුතු සහ රෝගීන් වෙනුවෙන් කළ කැපවීම නිසා ප්‍රසිද්ධියට පත්ව සිටි තැනැත්තියකි. ශ්වසන වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුවන්නියක් ලෙස, ඇය කොල්කටාහි ප්‍රමුඛතම වෛද්‍ය ආයතනයක් වන RG Kar වෛද්‍ය විද්‍යාලයේ කැපී පෙනෙන ලෙස කටයුතු කළ වෛද්‍යවරියක බව පැවසේ.

වෛද්‍යවරිය සිය සේවා මුරය අවසන් කර රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ පිහිටි  ශාලාවක විවේක ගැනීමට ගිය අවස්ථාවේදී මෙම කම්පන සහගත සිදුවීම සිදුවිය. පසුදා උදෑසන ඇගේ සිරුර සොයා ගන්නා ලද අතර, ලිංගික අතවර සහ දරුණු ශාරීරික තුවාල පිළිබඳ සලකුණු අනාවරණය විය.
සැකකරු වන සංජේ රෝයි රෝහලට සම්බන්ධ නැති නමුත් ඔහු කෙසේ හෝ එතැනට පිවිස තිබේ.ඇතැම් සාක්සි පවසන්නේ ඔහු ස්වේච්ඡා සේවකයෙකු ලෙස රෝහලේ වැඩ කළ බවයි. ඔහු අත්අඩංගුවට ගැනීමට තුඩු දුන් තීරණාත්මක සාක්ෂියක් වූයේ මියගිය වෛද්‍යවරියගේ සිරුර අසලින් හමුවූ කැඩුණු ඉයර්ෆෝන් වයරයක් වන අතර එය රෝයිට අයත් විය. කෙසේ වෙතත්, ඔහු මෙම අපරාධය සිදු කිරීමට තනිව ක්‍රියා නොකරන්නට ඇති බවට ඉඟි තිබේ.

කෙසේ වෙතත් මුලදී මෙම සිදුවීම සියදිවි නසාගැනීමක් ලෙස හුවා දැක්වීමට බලධාරීන් උත්සාහ කර තිබූ අතර එය මහජන කෝපයට හේතු විණි. කනිෂ්ඨ වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පුලුල් විරෝධතාවලට ප්‍රතිචාර වශයෙන් බටහිර බෙංගාලයේ මහ ඇමතිනි මමතා බැනර්ජි මෙම සිද්ධිය ගැන අබිරහස සතියක් ඇතුළත විසඳා නොගතහොත් එය මධ්‍යම විමර්ශන කාර්යාංශයට (CBI) භාර දෙන බවට සහතික විය.

වෛද්‍යවරියගේ මරණය වෛද්‍ය ආයතනවල ක්‍රියාත්මක වන ආරක්‍ෂාව සහ ආරක්‍ෂක පියවර පිළිබඳව විවේචනාත්මක ප්‍රශ්න මතු කර ඇත. මෙම සිදුවීම රැකියා ස්ථානයේ, විශේෂයෙන්ම සාම්ප්‍රදායිකව ආරක්ෂිත යැයි සැලකෙන පරිසරයන් තුළ ලිංගික හිංසනය ගැන ගැටලු මතු කර ඇත.
මෙම ඛේදවාචකයෙන් ඉක්බිතිව, වෛද්‍ය ආයතන ආරක්‍ෂාව හසුරුවන ආකාරය සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනසක් ඉල්ලා ඇත. විසඳුම් යෝජනා අතර දැඩි ආරක්ෂක ප්‍රොටෝකෝල, නිරීක්ෂණ කැමරා සවි කිරීම සහ ප්‍රධාන ක්ෂේත්‍රවල ආරක්ෂක නිලධාරීන් සිටීම ඇතුළත් වේ. මීට අමතරව, වෛද්‍යවරුන් සහ වෛද්‍ය සිසුන් සඳහා උපදේශන සේවා සහ හිරිහැර හෝ අපයෝජන වාර්තා කිරීම සඳහා ක්ෂණික දුරකථන ඇතුළුව වඩා හොඳ ආධාරක පද්ධති ඉල්ලා තිබේ.

 

ඉන්දියාවේ කොල්කටා ප්‍රාන්තයේ වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා, වෛද්‍ය අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඉවත් කර තිබෙනවා.

ඒ, අදාළ සිද්ධිය පිළිබඳ විරෝධතා දැක්වු සෙසු වෛද්‍යවරුන්ගෙන් ලද ඉල්ලීම් අනුවයි.

31 හැවිරිදි ඇයගේ සිරුර සොයා ගැනීමත් සමඟ අගෝස්තු 09 වනදා සිට ප්‍රාන්තයේ කනිෂ්ඨ වෛද්‍යවරු දහස් ගණනක් වැඩ වර්ජනවල නිරත වෙමින් සිටිනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *