මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න තුනක් විභාගයට පෙර පිටවීම සම්බන්ධව අද විශේෂ පරීක්ෂණයක් පැවැත්වූ බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසයි.
ඒ අනුව එම ප්‍රශ්න පත්‍රයේ ඇති සෙසු ප්‍රශ්න 37 සලකා බලා කිසිදු ශිෂ්‍ය ශිෂ්‍යාවකට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කිරීමට තීරණය කළ බවද ඒ මහතා සඳහන් කළේය.
එසේම මෙම ප්‍රශ්න 03 පිටවීම සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් පවත්වන බවද කීවේය.

















