භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ චෝදනාවලට වරදකරු කර කොළඹ විශේෂ ත්රීපුද්ගල විනිසුරු මඩුල්ල බහුතර එකඟතාවයෙන් මරණීය දණ්ඩනය නියම කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවි ජයනාත් විත්තිකරුවන් සියලුදෙනාම එම නඩුවේ 17 වැනි චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර ඇත.
ඒ අනුව නීති විරෝධී ටී-56 ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම හා ඒ සඳහා ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය යන චෝදනාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් ඉකුත් 13 වැනිදා විත්තිකාර පාර්ශ්වයට මේ බව දැනුම් දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ ගිනි අවි චෝදනාවට අදාල තීන්දුව අනුව මහාධිකරණය විසින් ආර්. දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට 2016.09.08 දින නිකුත් කළ ජිවිතාන්තය දක්වා වූ සිරදඬුවම බලශුන්‍ය වන බවත් බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කොට තිබූ චමින්ද රවි ජයනාත් (දෙමටගොඩ චමින්ද) හා සරත් බණ්ඩාර (එස්.එෆ්. සරත්) යන විත්තිකරුවන්ට විනිසුරුවරයා දැනුම් දී තිබේ.
මේ වනවිට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ආර්. දුමින්ද සිල්වා අධිකරණයට ඉදිරිපත් කොට නොතිබූ අතර ඔහුගේ රෝග තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයකු විසින් බන්ධනාගාර නිලධාරීන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
Source : Divaina


















