BREAKING NEWS
Search

ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා

233

අනුරාධපුර, පාසල විභාග මධ්‍යස්ථානයක  පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු හය දෙනෙකු ප්‍රශ්න කිරිම සදහා විභාග දෙපාර්තමේන්තුව විසින් සිය බාරයට ගෙන තිබේ.

පහ වසර  ශිෂ්‍යත්ව විභාගය පෙරේදා (15) ආරම්භ වීමට විනාඩි දහයකට පෙර මෙම  විභාග මධ්‍යස්ථානයේ සහකාර විභාග ශාලාධිපතිවරයා විසින්  පලමු  ප්‍රශ්න පත්‍රය දුරකථනයෙන් ඡායාරූ ගත කොට  තවත් ගුරුවරුන්  කීපදෙනෙකුට යැවීම සම්බන්ධයෙන්  එම සහකාර විභාග ශාලාධිපතිවරයා සමග ගුරුවරු හය දෙනෙකු ජංගම දුරකතනයද සමග විභාග දෙපාර්තමේන්තුව විසින් සිය බාරයට ගෙන තිබුණි.

අනුරාධපුර නගරයේ සහ නොච්චියාගම යන ප්‍රදේශවල පිහිටි රජයේ පාසල්වල සේවය කරන විදුහල්පතිවරයෙකු ඇතුළු පිරිසක් මෙම චෝදනාවට ලක්ව සිටිති.

මෙම ප්‍රශ්න පත්‍රය අනුරාධපුර ,නොචිචියාගම, කොළඹ, ඇතුළු ප්‍රදේශ කිපයකට යවා තිබෙන බවද අනාවරනය විය. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයෙන් ජයාරූප ගතකිරිමේ සිද්ධිය සනාථ කරමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසිය .

මෙවන විට විභාග කෙරෙහි ඇති විශ්වාසය බිදවැටිලා . මෙම පහ වසර ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රශ්න පත්‍රය පිට විම සමිබන්ධයෙන්  ඊට වග කිව යුතු  සියලු  දෙනාට නිතිය තදින් ක්‍රියාත්මක  කොට දැඩි දඩුවම් පැමිණවිමට බලධාරීන් නොපමාව කටයුතු කල යුතු යැයිද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙහිදි පැවසිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *