BREAKING NEWS
Search

සීලරතන හිමිට මැර තර් ජන

115

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උන්වහන්සේ අද (16) උදෑසන පැමිණිල්ලක් කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පණ්ඩුලගම ප්‍රදේශයේ 40 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අප කළ විමසීමකදී උසස් පොලිස්  නිලධාරියෙක් පැවැසීය.

සැකකරු වේදිකා සඳහා ශබ්දවාහිනී සවි කරන්නකු බවට හඳුනා ගෙන ඇතැයි පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *