BREAKING NEWS
Search

තනි රෝදයෙන් සෙල්ලම් දැමු ටික් ටොක් තරුණයන් අන්තිමට නැවතුනු තැන

382

සමාජ මාධ්‍ය ජාලයේ ටික් ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදමින් සිටි තරුණයන් 12 ක් යතුරුපැදි 18 ක් සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

වැටලීමත් සමඟ තරුණයන් හය දෙනෙකු යතුරු පැදී දමා. පලා ගිය බව පොලිසිය සඳහන් කරයි.

සවස් යාමේ සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් ත්‍රී රෝද රථ සහ යතුරුපැදි විශාල ප්‍රමාණයක් පැමිණ මාර්ගයේ ඒ මේ අත විශාල ශබ්ද නගමින් තරඟයට ධාවනය කරන බවට 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය හරහා සහ පිළියන්දල පොලිසිය වෙත නිරන්තරයෙන් ලද දුරකථන ඇමතුම් මත පොලිස් නිලධාරීන් දස දෙනෙකුගෙන් යුත් පිරිසක් එහි ගොස් මෙම තරුණයන් පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *