මේ කියන්න යන කතාවත් අන්න ඒ වගේ.
විනෝදයට ක්‍රීඩා කිරීමට පියා ජංගම දුරකතනයක් ලබා නොදීමේ නිසා යාපනයේ පෙරියවිලාන් ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේදී ගෙළ වැළලාගෙන ඊයේ (15) මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ පෙරියවිලාන් අන්තෝනී පල්ලිය පාරේ පදිංචි මර්වින් ඩයස් සින්ධුජන් නැමති පාසල් ශිෂ්‍යයෙක්.
මියගිය සිසුවා යාපනයේ අලවෙඩ්ඩි අරුණෝදය පාසලේ හත්වන වසරේ ඉගෙණුම ලබයි.
ඔහු කාලයක සිට පියාගෙන් ජංගම දුරකතනයක් ඉල්ලා ඇත්තේ වීඩියෝ ගේම් සදහා භාවිත කිරීම සඳහායි.
පියා ජංගම දුරකතනයක් ලබා නොදීමේ සිද්ධියක් මත පාසල් සිසුවා නිවසේ රණ්ඩු කොට එදින කිසිවෙකු නිවසේ නොමැති අවස්ථාවක සාලයේ බාල්කයක ලණුවක් ගැට ගසා එහි එල්ලී සියදිවි හානි කරගෙන තිබෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අසල්වාසීන් නිවස ඉදිරි පිටින් යන විට සිද්ධිය දැක වහාම ලණුව කපා ඔහුව තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙන ගොස් ඇතත්, ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරු ප්‍රකාශ කර ඇතැයි පැවසේ.
අලවෙඩ්ඩි පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.




















