BREAKING NEWS
Search

මුදල් හබයක් දුරදිග ගොස් බසය වෙලට

176

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කොළඹ – මහනුවර මාර්ගයේ කඩවත දෙසට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරුට මගියක් පා පහරක්  හේතුවෙන් බස්රථය පාලනය කර ගත නොහැකිව පෙරලී ගොස් ඇත.

පහරදීම සිදු කළ තැනැත්තා සහ බස් රථයේ රියදුරු අතර මුදල් ගනුදෙනුවක් තිබී ඇති අතර යතුරු පැදියකින් පැමිණ බසයට ගොඩවී දෙදෙනා අතර බහින්බස් වීමක් දුරදිග ගොස් රියදුරාට පහරදීමේදී බසය ඇදී ගොස් පෙරලී ඇති බව අනාවරණය වී යැයි පොලීසිය සඳහන් කරයි.

ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී බසය පෙරලී ගිය අවස්ථාවේ එහි මගීන් සිට නොමැති බවත් බසය පෙරලී යාමෙන් තුවාල ලත් බස්රථයේ රියදුරා සහ පහරදීම සිදු කළ තැනැත්තා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇති බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *