BREAKING NEWS
Search

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ට ප්‍රහාරයක්

185

කන්කසන්තුරේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් ආපසු නිවසට එමින් සිටි යාපනයේ පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදීම නිසා බරපතල තුවාල ලබා ඊයේ (12) පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කන්දප්පු ගිරිදරන් නැමති හිටපු මන්ත්‍රීවරයාගේ නිවසක පවුලක් කුලී පදනම මත ජීවත් වී ඇති අතර, ඔවුන්ට නිවසින් ඉවත්වන ලෙස කාලයක සිට දැනුම් දුන්නද ඔවුන් නිවසින් නොයන නිසා හිටපු මන්ත්‍රීවරයා නෙල්ලිඅඩි පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව සඳහන්.

පොලිසිය අධිකරණයේ තීන්දුවක් මත නිවස කුලියට ගෙන සිටි පිරිසගේ බඩු බාහිරාදිය නිවසින් එලියට දැමීමට පියවර ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කන්කසන්තුරේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණෙන ලෙස ද දැනුම් දී තිබෙනවා.

හිටපු මන්ත්‍රීවරයා එම කාර්යාලයට ගොස් ආපසු නිවස වෙත පැමිණෙමින් සිටියදීයි සැගවී සිටි පුද්ගලයෙකු එක්වරම ඔහු ඉදිරියට පැන මෙසේ පිහියෙන් ඇන ඇත්තේ.

හිටපු මන්ත්‍රීවරයා විසින් නෙල්ලිඅඩි පොලිසියට ලබා දී ඇති විස්තර හා තොරතුරු වලට අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට නෙල්ලිඅඩි පොලීසිය පරීක්ෂණ පවත්වනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *