BREAKING NEWS
Search

ත්‍රීරෝද රථයක ගැටුණු ගැබිනි මව මියයයි – බඩේ සිටි දරුවාට සිදු වූ දේ

664

හම්බන්තොට වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පල්ලෙ මළල ප්‍රදේශයේදී ගැබිනි කාන්තාවක් මාර්ගයේ ගමන් කළ ත්‍රී රෝද රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ පල්ලෙමළල ප්‍රදේශයේම පදිංචි 23 වැනි වියේ පසුවූ මාලබදිනගේ මදුෂිකා ප්‍රසංගී නම් ගැබිණි මවයි.

මියගිය ගැබිණි මව ඇයගේ වයස අවුරුදු දෙක හමාරක් පමණ වන පිරිමි දරුවකු සමග මාර්ගයේ ගමන් කරමින් සිටියදී අද පෙරවරු 10.30 ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

හම්බන්තොට දෙස සිට පැමිණ ඇති ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගැබිණි කතගේ හා කුඩා දරුවාගේ ගැටී ඇති බව පොලිසිය කියයි.

තුවාල ලැබූ කාන්තාව හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ ද ඇය ඒ වන විටත් මියගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මියගිය කාන්තාවට සිසේරියන් සැත්කමක් කලද කුසේ සිටි දරුවා බේරා ගැනීමට නොහැකි වී තිබේ. කාන්තාව සමග ගමන් කළ කුඩා දරුවාද තුවාල ලබා රෝහල් ගත කොට ඇත.

අනතුර සම්බන්ධයෙන් ත්‍රී රෝද රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන හම්බන්තොට පොලිසිය විසින් සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *