පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා වන අවම මූලික වැටුප රුපියල් 21,000ක් බවට පත්කරමින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ පනත සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද අත්සන් තබා ඇත.ඒ අනුව සේවක භාරකාර අරමුදල,සේවක අර්ථසාධක අරමුදල සහ පාරිතෝශික ගෙවීමේදී අවම වැටුප බවට එය සැලකිය යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ආර්.පී.ඒ.විමලවීර මහතා අද නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා 2024 සැප්තැම්බර් මස සිට ජාතික මාසික අවම වේතනය රුපියල් 17,500ක් ද සමග අයවැය දීමනා පනත් මගින් ගෙවිය යුතු රුපියල් 3,500ක සහන දීමනා ද ඇතුළුව රුපියල් 21,000ක වේතනයක් ගෙවිය යුතුය.



















