BREAKING NEWS
Search

මිනුවන්ගොඩ සැලෝන් එකක් තරුණියකගේ හිසකෙස් වලට කල අපරාධය නිසා පාරිභෝගික සේවා අධිකාරිය මිනුවන්ගොඩ නගරය පුරා කල දේ

193

මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යගාරයක දී  කාන්තාවකට විස සහිත ආලේපන ගැල්වීමේ සිද්ධියත් සමග   පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අද (11) මිනුවන්ගොඩ නගරයේ සිදු කළ වැටලීම්වලදී කල් ඉකුත් වු ආලේපන , ආනයනික විස්තර අඩංගු නොවන අලෙවිය සහ භාවිතය තහනම් කළ ආලේපන සොයා ගත් බව එම ඒකකය සදහන් කරයි.

මෙහිදී අධික මිල ගණන් යටතේ විකීණීම සිදු කළ සහ නිෂ්පාදකයකුගේ හෝ ආනයන කරුවකු නොමැති තහනම් ආලේපන විකීනීම් සිදු කළ වෙළෙඳුන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන බැදුම්කර මත මුදා හැරීමට කටයුතු යොදා ඇත.

මෙම තහනම් ආලේපන භාවිතා කරමින් රූපලාවණ්‍ය කටයුතු කිරීම සිදු කළ සැලූන් පරීක්ෂා කිරීම සිදු කර ඒවායේ හිමි කරුවන් සහ සේවකයන් අත් අඩංගුවට ගෙන බැදුම්කර මත මුදාහැරීමට කටයුතු කොට තිබේ.

ඔවුන්ට විරුද්ධව මිනුවන්ගොඩ අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව ගම්පහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *