BREAKING NEWS
Search

බොලිවුඩ් නිලි මලයිකාගේ ආදරණීය පියා තට්ටු 6කින් වැටී මරුට. මරණෙන් පසු ඇසෙන වෙනස්ම කතාව මෙන්න

472

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මලයිකා  අරෝරාගේ පියාගේ හදිසි අභාවය ගැන බොලිවුඩයේ වඩාත්ම කතාබහට වෙන මාතෘකාව බවට පත්ව තිබෙනවා.

මේ ඒ සම්බන්ධව සමාජ ජාලා හී තබා තිබුණ සටහනක්.

මලයිකා අරෝරා කියන්නේ ඉන්දියාවේ ඉතාම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

රඟපාන්න වගේම නාර්ථනයට ත් ඇය ඉතාම දක්ෂයි. ඒ වගේම මලයිකා නිරූපණ ශිල්පිනියක්.

2008 දී චිත්‍රපට නිෂ්පාදනයට යොමු වුණු නිසාම මලයිකා කියන්නේ ඉන්දියානු සිනමාවට නැතිවම බැරි කෙනෙක්.

නමුත් මේ කතාව ඇගේ සාර්ථක ගමන ගැන නම් නෙවෙයි.

අද උදේ එයාගේ තාත්තා අනිල් ආරෝරා මියගිහින් තියෙනවා. ඒ තට්ටු හයක ගොඩනැගිල්ලකින් පහළට වැටිලා.

මේ අනතුර සියදිවි නසාගැනීමක් කියලා තමයි මාධ්‍ය නම් කියන්නේ.

අනතුර සිදුවුණු මොහොතේම පොලිසිය ඇවිත් ඔහුව රෝහල් ගත කළත් ඒ වෙද්දීත් ඔහු මිය ගිහින්.

මේ සිදුවීම වාර්තා වුණු මොහොතේම මලයිකා අරෝරාගේ හිටපු සැමියා වන අර්බාස් කාන් සහ ජනප්‍රිය නළු අර්ජුන් කපූර් ඇගෙ නිවසට පැමිණ තිබෙනවා.

මේ සිදුවීම වෙනකොට මලයිකා ඉදලා තියෙන්නේ පූනේ ප්‍රදේශයේ.

ආරංචිය ලැබුණු ගමන්ම ඇය නිවසට ඇවිත් තිබෙනවා.

කෙසේ වෙතත් වාර්තා වන අන්දමට තාත්තා සහ පවුල අතර ඒ තරම් හොඳ සබඳතාවක් තිබිලා නැහැ.

මලයිකා සහ එයාගේ නංගී අම්රිතා අම්මා එක්ක ජීවත් වෙලා තිබුනේ තනියම.

“මට ලස්සන ළමා කාලයක් තිබුණා. ඒත් ඒක ඒ තරම් ලේසි වුණේ නෑ”

කොහොම වුණත් තවදුරටත් මලයිකාගේ තාත්තා එයාලා එක්ක නෑ.

මෙතනින් එහාට එයාලට තියෙන්නේ තාත්තා ගැන මතකයක් විතරයි.

ඒ වගේම මේ සිදුවීම පිළිබඳව සොයා බලන පොලිසිය කියන්නේ මේක අනතුරක් ද දිවි නසාගැනීමක් ද කියලා හරියටම දැනගන්න තවම පරීක්ෂණ පවත්වනවා කියලයි.
– චාපා –




Leave a Reply

Your email address will not be published. Required fields are marked *