දෙමළ නළු ජීවා සහ ඔහුගේ බිරිඳ සුප්‍රියා තමිල්නාඩුවේ කල්කුරිච්චි බලා යමින් සිටියදී රිය අනතුරකට ලක්ව තිබෙනවා.
ඔවුන්ගේ සුඛෝපභෝගී මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අදාළ මෝටර් රථය පෙරළී ගොස් පාර අයිනේ තිබූ බාධකයක ද ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුර හේතුවෙන් ජීවා සහ සුප්‍රියා දෙදෙනාම තුවාල ලබා තිබෙනවා.
කෙසේ වෙතත් ඔවුන්ගේ මෝටර් රථයට දැඩි ලෙස අලාභහානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


















