BREAKING NEWS
Search

ශ්‍රී ලාංකිකයින් 2252කට ඊශ්‍රායලයේ රැකියා

197

ශ්‍රී ලාංකික තරුණයින් 2,252 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලාංකික තරුණයින්ට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වසර 5යි මාස 5ක කාලයක් රැකියාවල නිරතවීමට අවස්ථා හිමිවී ඇත.

සැප්තැම්බර් මස 12 සහ 18 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිත තරුණයන් 69 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ඊයේ (09) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුවිය.

ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කාර්යාංශය විසින් පුද්ගලයින් යොමුකරන අතර, රැකියාලාභීන් තෝරාගනු ලබන්නේ ඊශ්‍රායලයේ ෆීබා ආයතනය විසින් ලොතරැයි ක්‍රමවේදයට අනුවය.

එලෙස තෝරාගනු ලබන පුද්ගලයින්ගේ ඉදිරි කටයුතු කාර්යාංශය විසින් සිදුකර ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

රජයන් දෙක අතර පවත්නා අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා අවස්ථා හිමිවන බැවින් මෙම රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීමට වෙනත් කිසිඳු පුද්ගලයෙකුට අවසර ලබාදී නොමැති අතර ඊශ්‍රායලයේ කෘෂි රැකියා ලබාගැනීම සඳහා වෙනත් කිසිදු බාහිර පාර්ශ්වයකට මුදල් ලබාදීමෙන් වළකින මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *