BREAKING NEWS
Search

සියල්ලන්ම භීතියට පත් කරමින් ත්‍රිවිල් රථයක් තුලින් හමු වූ දේ. වරද කාගේද ?

361

තවමත් ලෝකය ගැන කිසිවක් නොදන්නා මේ මල් කැකුළට මෙහෙම ඉරණමක් අත්වෙන්න ඇත්තේ කාගේ වරදින්ද..? සියල්ලන්ගේම හද කම්පා කරන මේ පුවත වාර්තා වෙන්නේ ආගරපතන ප්‍රදේශයෙන්..

ගාල් කර තිබු ත්‍රිරෝද රථයක පිටුපස පොහොර උරයක දමා තිබී බිළිඳු මළසිරුරක් හමු වී තිබෙනවා…

වතු නිවාස පේලිය අසල ගාල් කර තිබු ත්‍රිරෝද රථයකින් දැඩි දුගන්ධයක් හමා ඇති අතර එම ත්‍රිරෝද රථයේ රියදුරාගේ මව ඒ පිළිබඳව සොයා බැලිමේදි එහි පිටුපස තිබි මෙම බිළිඳු මළසිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ..

ත්‍රිරෝද රථයේ රියදුරා එම වතුයායේම පදිංචිකරුවෙකු වන අතර ඔහු ත්‍රිරෝද රථයෙන් කුලි රථ ගමනක් ගොස් ආපසු අද දින උදැසන නිවසට පැමිණ ත්‍රිරෝද රථය ගාල් කර ඇති බවයි දැනට කරන ලද මුලික විමර්ශනවලදි අනාවරණය වි ඇත්තේ…
හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ආගරපතන පොලිසිය සඳහන් කළේ, මෙතෙක් එම බිළිදාගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති බවයි.

කෙසේ වෙතත්, බිළිදු මළ සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව ආගරපතන පොලිසිය වැඩිදුරටත් පවසනවා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *