BREAKING NEWS
Search

ඉදිරි පැය 24ට රතු නිවේදනයක්..

402
මේ දිනවල කාලගුණයේ ප්‍රබල වෙනස්වීම අපේක්ෂා කරන්න පුළුවන්..

ඒ පිළිබඳව විශේෂ නිවේදනක් එම දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කර තිබෙනවා..

ඒ අනුව තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා..

එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි..

ඒ අනුව බෙංගල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා සැලකිලිමත්වන ලෙස දන්වා අනතුරු අඟවා තිබෙනවා..

එසේම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙනවා…

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *