BREAKING NEWS
Search

නිලමේ තුමා ට සල්ලි දීල අපි මාළිගාව ඇතුලේ පින්තූර ගත්තේ නෑ – සමාජ මාධ්‍ය කැලබු ජායාරූප ගැන දෙව්නකගෙන් පැහැදිලි කිරීමක්

2171

හැමෝම මේ දවස්වල කතාවෙන , කලබල වුණ කාරණාව ගැන ඒ දෙන්නාම කියන්න හිතලා..

ඒ දෙන්නාට ඒ විශේෂ දවසෙන් පස්සේ මුලින්ම යන්න ඕන වෙලා තියෙන්නේ දළඳා මාලිගාවට..

ඒ දෙන්නා එක්ක තාත්තාත් මේ ගමනට සහභාගීවෙලා තිබුණා.. සැදැහැති බෞද්ධයන් විදිහට මේ දෙන්නා එදා විවාහ ගිවිස ගැනීමෙන් පස්සේ දළදා මාලිගාවට ගිහින් තිබුණේ උතුම් දළඳා සමිදුගේ ආශිර්වාදය ගන්න..

කොහොම වුණත් ඒ අවස්ථාවේදී ගත්ත ඡායාරූප කිපයක් නිසා දැන් දැන් කතාව පැතිර යන්නේ මේ නව යුවල දළඳා මාලිගාවේ  Pre- Shoot කළා කියලානේ..

කොහොම වුණත් විවාහ ගිවිසගැනීමෙන් පස්සේ ගත්ත මේ ඡායාරූප කිහිපය ඇත්තටම හරිම සාමාන්‍ය දෙයක්..

ඒත් දැන් දැන් ඒ දෙන්නාට මේක ගැන පැහැදිලි කරන්නත් වෙලා.. මොකද මේ ඇසෙන කතා එක්ක ඒ දෙන්නා මේ වුණේ මොකද්ද කියන එක ඒ දෙන්නාට ආදරය කරන අයට හරියටම දැනගන්න කියන්න ඕන කියලා හිතෙන්න ඇති..

දැන් මිනිස්සු අතරේ වැරදි මතවාදයක් ගොඩනැගෙනවා නිලමේ තුමා ට සල්ලි දීල අපි මාළිගාව ඇතුලේ පින්තූර ගත්තා කියලා, මම දන්නේ නෑ මේ මිනිස්සුන්ට කොහෙන්ද මේවා ඔලුවට එන්නේ කියලා 🥲
අත්සන් කරපු ගමන් අපි මුලින්ම ගියේ දළඳා වහන්සේ ගෙන් ආශිර්වාද ගන්න පමණයි, ඒ ගිය වෙලාවේ photos තුන හතරක් ගත්තා එච්චරමයි. අනිත් එක තරුණ බෞද්ධයො විදිහට අපේ ජීවිතයේ විශේෂම දවසේ දළඳා මාලිගාවට යන්න සිත පහල වෙච්ච එකම අපි කරපු පිනක් කියලා අපි විශ්වාස කරනවා.
අපේ පින්තූර වලට ඔහොම දොස් කියනවා නම් ලංකාවේ හැමෝම දළඳා මාලිගාවට ගිහිල්ලා photos ගන්න එකයි tiktok කරන එකයි නවත්වන්න ඕනේ නේද? ඒක හැමෝටම තේරෙන කාරණාවක්..
බෞද්ධ රටක් වෙච්ච අපි බුදුදහම ආරක්ෂා කරන්න ඕනේ නම් මේ වගේ දේවල් ගැන හිතන්නේ නැතුව බුද්ධශාසනය ආරක්ෂා කරන්න අවංකව බුද්ධශාසනය වෙනුවෙන් වැඩ කරන්න. එතකොට මේ රට තවත් ලස්සන වේවී. එහෙම හිතන්න හැමෝටම සිත් පහල වේවා කියලා අපි ප්රාර්ථනා කරනවා.
හැමෝටම තෙරුවන් සරණයි 🙏
🙏



Leave a Reply

Your email address will not be published. Required fields are marked *