BREAKING NEWS
Search

රන්විර් – දීපිකාගේ අලුත උපන් සුරංගනාවිය

127

දීපිකා – රන්වීර් දෙන්නට ඊයේ (08) දවස හරි සුවිශේෂී එකක්.

ඊට හේතුව, ඔවුන්ගේ පළමු දරුවා මෙලොව එළිය දුටුවේ ඊයේ වන නිසාවෙන්.

ඒ අනුව ඔවුන් පළමුවරට දෙමාපියන් වුණේ ‘දියණියකට’ බවත් නිවේදනය කරලා තිබුණා.

වාර්තා වන හැටියට දි‍යණිය උපත ලබා ඇත්තේ මුම්බායි හිදී.

Monara

දීපිකා – රන්වීර් පළමු දරුවා අපේක්ෂාවෙන් පසුවන බව නිල වශයෙන් ම පෙබරවාරි මාසයේදීයි නිවේදනය කළේ. ඒත් එක්කම දරුවා ලැබීමට නියමිත සැප්තැම්බර් මාසයේදී බවත් ඔවුන් එහි සඳහන් කරලා තිබුණා.

කොහොම නමුත් ගැබ් ගැනීම නිවේදනය කළ තැන සිටම සුබපැතුම්වලටත් වඩා දීපිකාට එල්ල වුණේ විවේචන කිව්වොත් හරි.

බොහෝදෙනා අනුමාන කරන්න ගත්තා, ඇය ව්‍යාජ ලෙස සිය කුස බාහිර සමාජයට පේන්න සකසාගෙන ඇති බවක්.

නමුත් ඒවාට දීපිකා හෝ රන්වීර් උත්තර දෙන්න ඉස්සර නොවීම කැපී පෙනුණා.

එවන් විවේචන මැද මෑතකදී, දීපිකා – රන්වීර් දෙන්නා අපූරු ඡායාරූප එකතුවක් ද සමාජ මාධ්‍ය වෙත මුදා හැරලා තිබුණා.

Monara



Leave a Reply

Your email address will not be published. Required fields are marked *