BREAKING NEWS
Search

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

214

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පැවැත්විය.

එය සංවිධාන කර තිබුණේ එරට වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ පිරිසක් විසිනි.

ඔවුන් එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට බලකරමින් පවසා සිටියේ, ශ්‍රී ලංකාව සිය මානව හිමිකම් කඩකළ රාජ්‍යක් බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙසය.

තම දෙමළ ප්‍රජාවට ශ්‍රී ලංකාව තුළ කිසිඳු අයිතිවාසිකමක් නොමැති බවත් සිය මානව හිමිකම් කඩවන බවත් පවසමින් සහ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකළ රටක් ලෙසට ද ඔවුන් එහිදී චෝදනා කළේය.

මෙම විරෝධතාකරුවන් එම විරෝධතාව පැවැත්වූයේ තහනම් සංවිධානයක් වන LTTE සංවිධානයේ නිල ලාංඡනයද ප්‍රදර්ශනය කරමිනි.

ඊට කුඩා දරුවන් පවා සහභාගී කරවාගෙන තිබුණි.

එමෙන්ම තම නායකයා වේලුපිල්ලේ ප්‍රභාකරන් බවත්, වත්මන් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා නොපිළිගන්නා බවත් විරෝධතාකරුවන් පැවසූ බව අප වාර්තාකරු සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *