BREAKING NEWS
Search

රටක් බැබළවූ පදක්කමක් දිනූ නෙත්මි දිවයිනට

240

ස්පාඤ්ඤයේ දී පැවැති වයස අවුරුදු 20න් පහළ මල්ලවපොර ලෝක ශූරතාවලියේ කි.ග්‍රෑ. 53 බර පන්තියේ ලෝඩක පදක්කම දිනාගත් නෙත්මි අහිංසා ප්‍රනාන්දු ඊයේ (8) රාත්‍රියේදී යළි දිවයිනට පැමිණියාය.

නෙත්මි ජයග්‍රහණය කළ පදක්කම සැලකෙන්නේ එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ මෙරට ක්‍රීඩිකාවක් දිනාගත් ඉහළම ජයග්‍රහණය ලෙසිනි.

ලෝක මල්ලවපොර සම්මේලනය විසින් සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා ලොව පුරා රටවල් 100කට අධික ප්‍රමාණයකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600ක් පමණ සහභාගි වූහ.

නෙත්මි අහිංසා කුරුණෑගල, පන්නල වෙල්පල්ල සංඝරත්න මහා විද්‍යාලයේ සිසුවියකි.

ඇයව පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලධාරීන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *