BREAKING NEWS
Search

රිය අනතුරකට ලක්ව මාර්ගය මැද වැටී සිටි යතුරු පැදිකරු අමාරුවෙන් නැගිටින්න හදද්දී කැබ් රියදුරෙක් කල නොමනා ක්‍රියාව

302

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රිය අනතුරකට ලක්ව මාර්ගය මැද වැටී සිටි යතුරු පැදිකරුවෙක් ආයාසයෙන් නැගිටීමට උත්සාහ දරද්දී පිටුපසින් පැමිණි ජීප් රථයක් එම  යතුරු  පැදිකරු තවත් අනතුරකට ලක්කොට  පලා ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය කියයි.

අනතුරින් තුවාල ලැබූ 28 හැවිරිදි තරුණයාගේ පාද දෙක සහ අතක් බිදී ඇති අතර හිසට බරපතල තුවාල සිදුව ඇති බව පොලිසිය කියයි.

ඔහු ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩ් දුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර මේ වනවිට ශල්‍ය කර්ම දෙකකට ලක් කොට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පැවසේ.

අනතුරට පත් තරුණයා  රාත්‍රී සේවා මුරය නිමවා කොළඹ සිට හයිලේවෙල් මාර්ගය ඔස්සේ කොට්ටාවට එමින් සිටියදී අලුයම 05.20 පමණ ඔහු පැමිණි යතුරු පැදිය මහල්වරාව හන්දිය ආසන්නයේදී මාර්ගය මැද ලිස්සා මීටර් 50 පමණ දුරක් ඇදී ගොස්  අනතුරක් සිදුව  තිබේ.

අනතුරින් පසුව ජීප් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර මේ වන විට ජීප් රථය සොයා පොලීසිය විමර්ශන සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *