BREAKING NEWS
Search

බිරිඳව ඝාතනය කළ සැමියා ගත් තීරණය

238

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබේ.

ඊයේ (07) එම සිදුවීම වාර්තා වී තිබුණේ මිහින්තලය පොලිස් වසමේ කුංචිකුලම ප්‍රදේශයෙනි.

එලෙස මියගොස් ඇත්තේ, කුංචිකුලම, මිහින්තලය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පුද්ගලයෙකු හා 56 හැවිරිදි කාන්තාවකි.

මෙම දෙදෙනා අතර නිතර ආරවුල් ඇතිවී ඇති බවත් පසුගිය 06 වනදා රාත්‍රි කාලයේදී ඔවුන් අතර ඇතිවූ ආරවුලකදී සැමියා විසින් එම ඝාතනය සිදුකර ඔහුද සියදිවි නසාගෙන ඇති බව පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඝාතනය සඳහා යොදාගත් පොරවක් අපරාධය සිදුවූ ස්ථානයේ තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *