BREAKING NEWS
Search

අලියාගේ පහරින් විශ්‍රාමික යුධ භටයා මරුට

128

පුංචිහලමිල්ලෑව ප්‍රදේශයේ කුඹුරැ යායකට කඩාවැදුන වන අලියන් පලවා හැරිමට ගිය විශ්‍රාමික යුධ හමුදා භටයෙකු වන අලියෙකුගේ පහර කෑමට ලක්ව අද(07)දින මිය ගිය බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ කහටගස්දිගිලිය,රන්පත්විල ප්‍රදේශයේ පදංචිව සිටි ආර්.ඩබ.එම්.ජී.අබේරත්න(52)නැමති විශ්‍රාමික හමුදා භටයෙකි.

මෙම පුද්ගලයා පුංචිහල්මිල්ලෑව කුඹුරැ යායට පැමිණි වන අලියන් පලවා හැරිමට ගොස් සිටියදි වන අලියෙකුගේ පහර කෑමට ලක්ව එම ස්ථානයේදිම මිය ගිය බව කහටගසදිගිලිය පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එස්.අබේසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති




Leave a Reply

Your email address will not be published. Required fields are marked *