BREAKING NEWS
Search

ජීවිත දානය දී නැවත උදුරාගත් ඇත් පැටවාගේ ජීවිතය

140

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වගා ළිඳකට වැටී සිටි වන අලිපැටියකු ප්‍රදේශවාශින්ගේ ද සහායෙන් වනජීවී නිළධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩගැනීමෙන් පසු කලහකාරී ලෙස හැසිරෙමින් කාන්තාවක පසුපස පන්නා යද්දී මෙල්ල කිරීමට තැබූ වෙඩි පහරකින් ඇත් පැටවා මියගිය බව වනජීවි කාර්යාලය කියයි.

මහව වනජීවි කාර්යාල බලප්‍රදේශයේ කොහොඹකඩවල තමිමැන්නෑව ග්‍රාමයේ අඩි 20 පමණ ගැඹුරු වගා ළිඳක ඉකුත්(04)වැනි දින රාත්‍රී කාලයේ වැටී සිටිය දී ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත වනජීවී නිලධාරීන් පැමිණ ප්‍රදෙශවාසීන් සමග සහයෝගයෙන් දැඩි පරිශ්‍රමයක් දරා අලිපැටවා ඉකුත් 05 දින පෙරවරුවේ ගොඩගෙන ජීවිත දානය පිරිනමා ඇත.

වගා ලිඳෙන් ගොඩගත් වන අලි පැටවා කළහකාරී ලෙස හැසිරුණු මොහොතේ ඔහු අසලට ගිය කාන්තාවක පසුපස පැන්නීම නිසා  වනජීවී නිලධාරියකු ඔහු සතුව තිබු ගිනි අවිය ක්‍රියාත්මක කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *