BREAKING NEWS
Search

ඉවසන්න හිතුවත්,ලෝකෙට බයෙන් කී දවසක් නම් ඉවසන්න ද – පැය 24ක් යන්නත් කලින් විවාහයෙන් වෙන් වූ තරුණියකගේ හද සසල කරවන කතාව

7645

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේක තවත් කතාවක්…

“මේක කියන්න ඕනි වුණාට කියන්න බෑ කියලා මට හිතුණු වාර අනන්තයි, ඒත් මම හිත හදාගත්තා.

මට අම්මා ඩිවෝස් වෙන්න කිව්වට පස්සෙත් මගේ මනුස්සකමට මම ආපහු සැරයක් කල්පනා කලා.

මට අනුකම්පා හිතුණේ නෑ ඒ මිනිහා ගැන, එහෙම අනුකම්පා හිතෙන්න තරම් දෙයක් එයා මට කළේ නැහැ.

ඒ මනුස්සයා කරපු ඒ දේ.. මේ දැනුත් මගේ හිත ඇතුලේ හොල්මන් කරනවා. එක දිගට කඩාගෙන යන රූප ඔක්කොම ඇතුළේ ඉන්නෙ ඒ තිරිසන් මිනිහා. ඌ මට විරිත්තනවා…

එදා ඌ කරපු දේ මතක් වෙන මොහොතක් පාසා මට මැරෙන්න හිතෙනවා, මට මාව මරාගන්න බැරි නිසා ඉවසනවා.මට හිතෙන්නෙ ජීවිතේ අපි හැමෝටම එහෙමයි. ඉවසන්න ඉවසන්න හිතුවත්,ලෝකෙට බයෙන් කී දවසක් නම් ඉවසන්න ද ?

දැන් තමයි ඒ ගැහැනියගේ පුදුමාකාර කතාව පටන් ගන්නෙ…………..

”‍මට අදටත් ඒ දේ අභිරහසක්’ මම නාමල්ව බැන්ඳේ ප්‍රපෝසල් එකකින්, ඒ වෙනකන් අතින් අල්ලපු. සීමාවේ ඉඳන් ඉඹපු ආදර කතා තුනක් මට තිබුණා.

ඒ ඔක්කොම මට නැතිවුණා. ඒත් අර වෙන ගෑනු වගේ මහණ වෙන්නයි ජීවිත කාලෙම තනියෙන් ඉන්න හීන තිබුණේ නෑ මට, මට ඕනි වුණා කෝටිපතියෙක් බැඳගෙන අනිත් එකාලට පෙන්නන්න.

එහෙමයි නාමල්ගේ ප්‍රපෝසල් එකට කැමති මම වෙන්නෙ, මිනිහා ඉංජිනියර්කෙනෙක්.

මම හිතුවා වගේම සල්ලිවලට පීනන එකෙක්, පවුලම කෝටිපතියෝ, අපි නුවරඑළියෙ හනිමූන් ආවේ. ඊට පස්සෙ තමයි ඔක්කොම වෙන්නෙ.

”‍මම ඇස් පියාගෙන උන්නා, ආසාවෙන්, භක්තියෙන්, පිරිසිදු කෙල්ලෙක් හැටියට, හරිම ආඩම්බරෙන් ඒත් දන්නවද? එයා හොයපු ලේ පැල්ලම එයාට හම්බුණේ නෑ.

මොකද්ද හේතුව කියලා මම අදටත් දන්නෙ නෑ, ඒත් සාමාන්‍යයෙන් ඒක ගොඩක් දෙනෙක්ට එහෙමලූ. මම දහ අතේ වැන්ඳත් වැඩක් වුණේ නෑ, මේ තිරිසනා මට ගැහුවා, කම්මුල් සමතලා කළා. කකුල්වලට අතට අහුවෙච්ච යකඩ ගොඩකුත් විසි කළා. මම බෙරිහන් දුන්නා, ටිකකින් අපේ මේ මඟු‍‍ල් සෙල්ලම හැමෝම දැනගත්තා.

ඒ වෙද්දිත් නාමල් ඩ්‍රින්ක් එක අරන් හිටියේ, මිනිහා කුනුහරප කිය කිය එතැන දෙවනත් කළා… මට බඩුවක් කිය කියා.මම ගණිකාවක්, සල්ලිකාරයෙක් හින්දා එයාව අල්ලගත්තා කිය කිය බෙරිහන් දුන්නා. අන්තිමට…මාව එළෙව්වා… බඩට ගහපු පාරවල්වලට එළිවෙකන් මට වමනේ ගියා…”

”‍මම දවස් හයක් හොස්පිට්ල්, තොල් පුපුරලා, ලේ ගලන්න ඒ මිනිහා ගහලා තිබුණේ. මට ඇවිදගන්නවත් බැරිවුණා. අම්මලා හැදුවේ පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න. මමයි එපා කිව්වේ.මොකද මම දෙයක් දන්නවා. මේ ලෝකෙ සොබාදහම කියලා දෙයක් තියෙනවා. හදවතට එකඟව මම නාමල්ට කිව්වේ ඇත්තක්.

ඒ ඇත්ත කොහොම ඔප්පු කරන්නද මම දන් නෑ, හැබැයි ඒ තමයි ඇත්ත, මට මාව විශ්වාසයි. ඒ නිසයි මම නිහඬ වුණේ. නාමල් තේරුම් ගනීද නැද්ද කියන්න මම දන් නෑ.කොහොම හරි එයාට හොඳ පිරිසිදු කෙල්ලක් ලැබෙයි නේද. අනේ ඉතින් වාසනාවන්”’




Leave a Reply

Your email address will not be published. Required fields are marked *