BREAKING NEWS
Search

ගිං ගඟේ නෑමට ගිය සිසුවාගේ මළසිරුර සොයාගනී

164

මිතුරන් තිදෙනෙකු සමඟ ගිං ගගේ දිය නෑමට ගොස් අතුරුදන් වූ 19 හැවිරිදි  පාසල් සිසුවාගේ සිරුර අද (06)  සොයාගත් බව නෙළුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නෙළුව ජාතික පාසලේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සුරේන්ද්රු ආරච්චිගේ ජනිඳු පබසර නැමති අයෙකි.

ඔහු මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයෙකි.

ඔහු මිතුරන් තිදෙනෙකු සමඟ ඊයේ (05 ) ගිං ගඟේ දිය නෑමට ගොස් මෙසේ අතුරුදහන් වී තිබිණි.


ගිං ගඟේ නාන්න ගිය සිසුවා අතුරුදන්

ගාල්ල නෙළුව ජාතික පාසලේ උසස් පෙළ හදාරන 19 හැවිරිදි සිසුවෙක් ගිංගඟේ දියනෑමට ගොස් අතුරුදන් වී ඇතැයි නෙළුව පොලිසිය පවසයි.

අතුරුදන් සිසුවා සොයා ගාල්ල නාවික හමුදා කඳවුරේ කිමිදුන් කරුවන් පිරිසක් පැමිණ මේ වනවිට සෝදිසි මෙහෙයුම් කරන බවද පොලිසිය කියයි.

හප්පිටිය ඇහැලපිටිය ප්‍රදේශයේදී තවත් මිතුරන් තිදෙනෙකු සමග ගිංගඟේ දියනෑමට ගොස් සිටියදී මෙම සිසුවා අතුරුදන් වී ඇති බවද පොලිසිය කියයි.

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය නිසා ගිංගඟේ ජලමට්ටම තරමක් ඉහළගිස් තිබෙන බවද ප්‍රදේශවාසීන් පවසති




Leave a Reply

Your email address will not be published. Required fields are marked *