කවුරුත් නම් හිතන්නේ නෑ, මේ තරම් ලස්සන කෙල්ලෙක්ට, කොල්ලො වශයෙන් නොවී ඉඳීවි කියලා..
දෙමව්පිය ආශිර්වාදය මැද විවාහ වෙච්ච නිරූපමා සහ හසංග දැන් අඹු සැමියන්.. ඒත් ඒ පුංචි ගේ ඇතුලෙ සතුට තිබුණා වුණත් නිරූපට කාටවත් කියන්න බැරි විදිහ දුකකුත් තිබුණා.. ඇය ඒ ප්‍රශ්නේ විසඳන්න භාර දෙන්නේ කාලයට.. ඒ දෙන්න අතර කිසිම රණ්ඩුවක් තිබුණෙ නැහැ.. වචනවලින් ඇතිවන හිත්රිදවීම් නැති තරම්.. ඒත් නිරූපමා හොයපු සතුට ඒ ආදර කතාව ඇතුලේ තිබුණේ නැහැ…
ඒ තනියම නෙමෙයි හසංගත් එක්කමයි.. ඒ ගමනට එන්න හසංග කිසිම මැලිකමක් දැක්වූවෙත් නැහැ.. ඒත් ඒ කතාබහ අවසානයේදී නිරූපමාට උන් හිටි තැන් අමතක වුණා.. තමන් කසාද ජීවිතයකට එළැඹෙන්න ඉක්මන් වුනා වැඩියි කියලා ඇයට වැඩිවෙලා යන්න කලින්ම හිතෙන්න පටන් ගත්තා.. ඒ හසංග තමන්ගේ අතීතය එතනදි කියන්න පටන් ගත් නිසා.. හසංගට වසර හයක පමණ ප්‍රේමයක් තිබිලා තියෙනවා..
ඒත් කිසිම දවසක ඔහුගේ මවුපියන් මේ ආදර සම්බන්ධතාවයට කැමැත්තක් දක්වලා තිබුණේ නැහැ.. හැමදාමත් අම්මගේ ඉල්ලීම්වලට ගරු කරපු හසංග ඇයට ඕන විදිහට අධ්‍යාපන කඩයිම් සියල්ලක්ම සාර්ථකව අවසන් කරගත්තා.. ඒත් රැකියාව වගේම විවාහයටත් අතපවන්න ඒ අම්මා අමතක කරලා තිබුණෙ නැහැ.. ඒ නිසාමයි වසර හයක් සේ ඔහුගේ හිතේ හිටිය ඒ ආදරණීය චරිතය අත්හැර දාලා ඔහු නිරූපමා එක්ක ජීවත් වෙන්න හිත හදාගන්න.. ඉතින් ඔහු මේ වෛද්‍යවරයා ඉදිරියේ කිව්වේ හරි පුදුම හිතන කතාවක්…
“මං ආදරය කළානම් ඒ එයාට, මං ආදරයක් කියල දෙයක් දැක්කේ එයාගෙන්.. ඒත් දැන් මට එහෙම කිසිම හැඟීමක් දැනෙන්නේ නැහැ.. ඒත් මං නිරූපමාට වරදක් කරන්නේ නෑ.. මට පුළුවන් උපරිමෙන් මම ඇයව බලාගන්නවා.. නිරූපමා හරියට මට මගේ නංගි කෙනෙක් වගේ..”
ඒ වචන ටික ඇසූ සැණින් ඇය ගොළු වුණා.. කිසිවක් කරකියාගන්න නොහැකි වන තරමේ අසරණකමක් ඇයට දැනෙන්න පටන් ගත්තේ, තමන් මේ තාක් කාලයක් ගත කර විවාහ ජීවිතය ඇතුලේ තමන්ට ලැබුණු තැන හරියටම දැනගත් නිසා වෙන්න පුළුවන් නේද… සැමියා තාමත් ආදරය කරන්නේ ඇගේ පරණ පෙම්වතියට…
නිරූපමා එක්ක ඉන්න මොහොතේදී පවා ඇය ගැන කල්පනාවට එන එක නිරූපමාද කරන අසාධාරණයක් කියලා බොහෝ වෙලාවට අහසංගට තේරුණත් ඒ කිසිම වෙලාවක ණය වෙනුවෙන් හෝ ඔහුගේ ආදරය වෙනුවෙන් කතා කරන්න හසංගගේ ගෙදර කිසිවෙක් ඉඩ ලබා දුන්නේ නැහැ..
ඉතින් ඒ නිසා බැරිම තැන අවසානයේ ඔහු මේ විවාහ යෝජනාව භාරගන්නවා.. යුතුකමකට මෙන් ඇයව රැකි ඔහු කියූ වචන පෙළ නිසා, ඇය තාමත් ඉන්නේ කිසිවක්කර කියාගත නොහැකි මානසික මට්ටමකයි…




















