BREAKING NEWS
Search

ලග්න රැසකට ශුභඵල

426

2024.09.06 සිකුරාදා

රාහු කාලය

අද – 10.32 සිට 12.02 දක්වා

හෙට – 9.02 සිට 10.32 දක්වා

මේෂ

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් සැලසුම් යෙදෙන අතර ප්‍රීති සාද උත්සව වැනි දේවල් ද යෙදේ. මහජන සබඳතා වර්ධන ක්‍රියා යෙදේ. ක්‍රියාකාරකම් වැඩි වන අතර ප්‍රසාදයට පත් වෙයි. සෙම් කෝප රෝග ද මතු කරයි.

ශුභ වර්ණය – නිල්/ ජය අංකය – 05

වෘෂභ

ක්‍රියාශීලී දිනකි. රාජකාරි බහුල වෙයි. අමතර ක්‍රියාකාරකම් ද යෙදෙන විනෝදජනක ක්‍රියාවන්වලට සහභාගි වන දිනකි. දහමට ලැදිව ක්‍රියා කරයි. මහජන ප්‍රසාදයට පත්වන කරුණු යෙදේ. මුත්‍රා රෝග ආසාදන මතු කරයි.

ශුභ වර්ණය – සුදු/ ජය අංකය – 01

මිථුන

තරමක් අවිවේකී දිනකි. ගමන් බිමන් බහුල දිනකි. සතුරු බලපෑම් දමනය වෙයි. දුර දිග බලා ක්‍රියා කළ යුතු මහජන සබඳතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් ගෙන දෙයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

ශුභ වර්ණය – රෝස/ ජය අංකය – 07

කටක

අවිවේකී දිනකි. තම ව්‍යාපාර නිර්මාණ ඇගැයීමට ලක් වන දිනකි. විදෙස් ගමන් යෙදේ. වාද විවාද ජය ගනී. තම බලාපොරොත්තු තරමක් ජය දෙයි. හදිසි ධන ලාභ ද ලබයි. ප්‍රසාදයට පත් වෙයි. සිරස ගත රෝග, උෂ්ණ රෝග මතුවේ.

ශුභ වර්ණය – රන්වන්/ ජය අංකය – 04

සිංහ

ශුභා ශුභ මිශ්‍රඵල ගෙන දෙයි. ප්‍රීති උත්සව යෙදේ. නව නිවාස ලාභ ලැබීම්වලට හේතු ගෙන දෙයි. රැකියාවේ ප්‍රවර්ධනයට හේතුයි. හදිසි ධන වාසනා ඉස්මතු වෙයි. සන්ධි ප්‍රදාහ රෝග සෑදෙයි.

ශුභ වර්ණය – ලා දම්/ ජය අංකය – 01

කන්‍යා

තරමක් ශුභඵල ගෙන දෙයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම්වලට හේතුයි. ව්‍යාපාරවල බාධා මතු වෙයි. ආර්ථික වශයෙන් පහත වැටේ. සෙම් බහුල වීමෙන් රෝග සෑදේ.

ශුභ වර්ණය – කොළ/ ජය අංකය – 06

තුලා

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ප්‍රබෝධමත්ව රැකියාවේ යෙදේ. භූමි ලාභ සම්පත් දායක වන දිනකි. දුරස්ථව සිටි ඤාතීන් සමීප වෙයි. සිරසගත රෝග ද සෑදෙයි.

ශුභ වර්ණය – ලා රෝස/ ජය අංකය – 03

වෘශ්චික

ශුභවාදීය. ලාභ දෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. විනෝද ජනක කටයුතු වල යෙදේ. වැය පස ඉහළ යයි. ආමාශ ගත රෝග සාදයි.

ශුභ වර්ණය – රතු/ ජය අංකය – 02

ධනු

ශුභවාදී ඵල මතු කරයි. තම ඤාතීන් ඒක රාශීව ක්‍රියා කරයි. විනෝද ජනක ක්‍රියාවන්හි යෙදේ. ප්‍රිය සාද වැනි දේ සංවිධානය කෙරේ. දුරගමන් ද යෙදේ. නව මිතුදම් ඇති වෙයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

ශුභ වර්ණය – දම්/ ජය අංකය – 02

මකර

ශුභා ශුභ ඵල මතු කරයි. යටපත්ව තිබූ සතුරු බලවේග ඉස්මතු වීමෙන් සිත් චංචල වෙයි. දහමට ද ලැදිවෙයි. ආගමික උත්සව සංවිධානය කෙරේ. වැය පස ද තරමක් ඇතිවන දිනකි. මුත්‍රා ආසාදන රෝගවලට හේතුයි.

ශුභ වර්ණය – දුඹුරු/ ජය අංකය – 08

කුම්භ

ශුභා ශුභ ඵල දෙන අතර සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. සමිති සමාගම් වැනි දේවලට සහභාගි වෙයි. ප්‍රසාදයට පත් වෙයි. දහමට ලැදි වේ. හදිසි ධන වාසනා මතු වේ. සන්ධි ප්‍රදාහ රෝග ඇති වේ.

ශුභ වර්ණය – රෝස/ ජය අංකය – 07

මීන

ශුභා ශුභ මිශ්‍රඵල ගෙන දෙයි. විනෝද ජනක ක්‍රියාවන්හි යෙදේ. තම ඤාතීන් වෙනුවෙන් තරමක් වැය පස ඉහළ යන ක්‍රියාවන්හි යෙදේ. දහමට ලැදිව ක්‍රියාකරන අතර සන්ධි ඉදිමුම් වැනි රෝග මතු කරයි.

ශුභ වර්ණය – තද කහ/ ජය අංකය – 09




Leave a Reply

Your email address will not be published. Required fields are marked *