BREAKING NEWS
Search

අතේ කෑල්ලක් නාමල්ට

151

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්‍ෂ මහතාට සහයෝගය දැක්වීම සඳහා අවබෝධතා ගිවිසුමක් අද (5) අත්සන් තැබීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එහි මහලේකම් සාගර කාරියවසම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ යන මහත්වරු එම අවබෝධතා ගිවිසුමට අත්සන් ලැබූහ.

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු විශාල පිරිසක් ද සහභාගි වූහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *