BREAKING NEWS
Search

ඔලිම්පික් ශූරියක් මරුට- පෙම්වතා ගිනි තියලා

285

උගන්ඩාවේ ඔලිම්පික් මැරතන් ධාවන ශූරී Rebecca Cheptegei මිය ගිය බව රෝහල් බලධාරීන් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසනවා.

ඒ ඇයගේ පෙම්වතා විසින් පෙට්‍රල් දමා ඇයට ගිනි තැබීමෙන් පසුවයි.

කෙන්යානු සහ උගන්ඩා මාධ්‍ය වාර්තා කළේ පසුගිය ඉරිදා කෙන්යාවේදී එල්ල වූ ප්‍රහාරයෙන් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ 33 හැවිරිදි Rebecca Cheptegei ගේ සිරුරට 75% කට වඩා පිළිස්සුම් තුවාල සිදුව ඇති බවයි.

උගන්ඩාව තුළ ක්‍රීඩිකාවන්ට මෙවැනි අසාදාරණකම් සිදුවන අතර 2021 ඔක්තෝම්බර් මාසයේ සිට රට තුළ මියගිය තුන්වන ක්‍රීඩිකාව බව සඳහන්.

Monara



Leave a Reply

Your email address will not be published. Required fields are marked *