BREAKING NEWS
Search

අනුරගේ ස්ටිකර් ගලවන්නැයි සජබයෙන් පැමිණිල්ලක්

106

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රවර්ධනය කිරීමට අදාළ රටම අනුරට සඳහන් ස්ටිකර් දිවයින පුරා ත්‍රීරෝද රථවල සහ වෙනත් වාහනවල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇති බව සමගි ජනබලවේගය පවසනවා.

එහි මෙහෙයුම් ප්‍රධානී නීතිඥ තිළිණ ප්‍රනාන්දු විසින් අදාළ පැමිණිල් ඉදිරිපත් කර ඇති අතර මෙය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නීති කඩ කිරීමක් බව ඔහු සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කඩිනම් සොයා බලා වහාම අදාළ අංශවලට දැනුවත් කර එම ස්ටිකර් ඉවත් කිරීම උපදෙස් ලබා දෙන ලෙස අදාළ පැමිණිල්ල මගීන් ඉල්ලා තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *