නිව්මෝනියා උණ රෝගයට ගොදුරුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අසාධ්‍ය තත්ත්වයට පත්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මරණයට පත්වූ බව කියන සංවර්ධන නිලධාරිනියකගේ මරණය සම්බන්ධයෙන් මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා..
මේ සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ඇය සිහිසුන් තත්ත්වයට පත්කර ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහල වෙත යවා ඇති බව පැවසුවා.. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය එදිනම රාත්‍රියේ මරණයට පත්ව ඇති බව යි..
මෙසේ මරණයට පත්ව සිටින්නේ කුරුණෑගල, කොට්ටගස්හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි තනුජා දිල්රුක්ෂි වික්‍රමනායක කොළඹ වාණිජ මහාධිකරණයේ උපාධිධාරි සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇය කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු වන වික්‍රමනායක මහතාගේ දියණියක වනවා..




















