Search

අයියා ඕනි නෑ අපි දෙන්නා එකට ජීවත් වෙමු.මට ඔයා නැතිව ඉන්න බෑ – අසම්මතයේ පැටලී ජීවිතය වරද්දා ගත් යුවතියන් දෙදෙනා

1906
අපේ සමාජයේ සමහර අසම්මත සබඳකම් ගැන කතා අපිට අහන්න දකින්න ලැබෙනවා.

ඒ අසම්මත බැඳීම් බොහෝ විට අවසන් වෙන්නේ ඛේදවාචක විදිහට.මේ කතාවත් එහෙම ඛේදවාචකයක්.

සඳුනි සහ කෞෂල්‍යා රත්නපුර කහවත්ත ප්‍රදේශයේ ඉඳන් ගාර්මන්ට් රස්සාවට ගිය තරුණියන් දෙදෙනෙක්.

රැකියාවට යන දවසේ ඉඳලා මිතුදමින් බැඳුනු මේ දෙන්නා කාලයාගේ ඇවෑමෙන් ආදරය කරන්න පටන් ගත්තා.

ලොවට හොරා ඇති කරගත්තු මේ බැඳීම සමහර අවස්ථාවල ගාර්මන්ට් එකේ අනිත් සගයින්ගේ සැකයටත් හේතු නොවුණ නොකිවුවොත් පුදුමයක්.

ඒත් දෙන්නට දෙන්නා ආදරය කළා වගේම දෙදෙනාම දෙන්නගේ හැඟීම් විඳින්නත් අමතක කළේ නැහැ.

සති අන්තයේ නිවාඩු දිනයන් වල දෙදෙනාගේ ගෙවල්වල මාරුවෙන් මාරුවට ගිහින් ඒ අසීමාන්තික ආදරය රාගයට පෙරලාගෙන පහස විඳගන්නත් පුරුදු වුණා.

කාලයක් යද්දී සඳුනිට සතුටු ගෙනෙන පුවතක් රැගෙන කෞෂල්‍යා හමුවෙන්න ආවා.

හැබැයි ඒක කෞෂල්‍යාට සතුටුදායක පුවතක් වුණේ නැහැ.

” බබා අයියා රට ඉඳන් එනවා,එයා ආවම අපි මැරි කරනවා ”

“‘ඔයාට මාව අමතක කරලා ඉන්න පුළුවන්ද ? ඒකද මේ කියන්නේ… අයියා ඕනි නෑ අපි දෙන්නා එකට ජීවත් වෙමු.මට ඔයා නැතිව ඉන්න බෑ සඳුනි “”

කෞෂල්‍යා සඳුනි ඉදිරියේ බැගෑපත් වුණත් වැඩක් වුණේ නැහැ.සඳුනිගේ පෙම්වතා රට ඉඳලා ආවට පස්සේ ඔහු එක්ක අනාගතය ගැනැ හිතන්න පටන් ගත්තා.

සඳුනිට කෞෂල්‍යා අමතක වුණා.මේ ගැන කෞෂල්‍යා හිටියේ ගොඩක් දුකකින් වගේම හිතේ වෛරයකිනුයි.අඬ අඬා දුක නිවාගත්තු කෞෂල්‍යා තීරණයක් ගත්තා.

ආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස් ගහක පරතරයක්.

පසුදා කෞෂල්‍යා සඳුනි හමුවෙන්න යනවා.හැබැයි ඒ යන්නේ ඇසිඩ් පුවරවපු කුප්පියකුත් අරගෙන.

ඇය අසලට ගිය කෞෂල්‍යා ඇය සිප ගත්තු , සඳුනිගේ මුහුනට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරනවා.

දන්නවද සඳුනි දැන් විකෘති මුහුණක් එක්ක ජීවත් වෙනවා.

කෞෂල්‍යාත් ජීවිතය වරද්ද ගත්තා.ඇයත් වස පානය කරලා ජීවිතය අතැරලා ගිහින්.
( නම් ගම් මනංකල්පිතයි )




Leave a Reply

Your email address will not be published. Required fields are marked *