BREAKING NEWS
Search

අතිශය ජනප්‍රිය සුපිරි තරුවකට දරුණු චෝදනාවක්..

314
මේ ගැන  අද බොහෝ දෙනා කතා කරන්නේ ඒ සිද්ධිය පිළිබඳ විවිධ කතා ගොඩනැගෙනවා..

කොහොම වුණත් මේ සුපිරි චරිතයට මේ නිසා දැඩි බලපෑමක් එල්ල වුණා කිව්වොත් හරි..

මීට වසරකට පෙර ඩුබායිහිදී තමාට ලිංගික අතවර කළ බවට 40 හැවිරිදි කාන්තාවක් කළ පැමිණිල්ලක් මත මලයාලම් චිත්‍රපටවල සුපිරි තරුවක් ලෙස සැලකෙන රංගන ශිල්පී නිවින් පෝලිට දූෂණය කිරීමේ වරදට නඩු තිබෙනවා..

එම චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කළ අතර ඔහු තම නිවැරදි බව ඔප්පු කිරීමට ගත හැකි සියලුම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පොරොන්දු වී ඇති බවයි වාර්තා වෙන්නේ..

මෙම චෝදනාවේ පළමු විත්තිකරු කාන්තාවක් වන අතර පෝලි හයවැනි විත්තිකරු බවයි වාර්තා වෙන්නේ..

මෙම සිදුවීම වසරකට පෙර ඩුබායිහිදී සිදු වූ බව සඳහන්..

FIR ලියාපදිංචි කර පැය කිහිපයකට පසු, පෝලි ෆේස්බුක් සටහනක් තබමින් කියා සිටියේ එම චෝදනා “සම්පූර්ණයෙන්ම අසත්‍ය” බවයි..

“මෙම චෝදනා පදනම් විරහිත බව ඔප්පු කිරීමට ඕනෑම දුරකට යාමටතමන් අධිෂ්ඨාන කර ගෙන සිටින අතර වගකිවයුත්තන් හෙළිදරව් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් ඔබගේ සැලකිල්ලට ස්තූතිවන්ත වන බවයි එන සටහන මඟින් ඔහු පවසා ඇත්තේ..

මීට මාස එකහමාරකට පමණ පෙර ඔන්නූකල් පොලිස් ස්ථානයේ නිලධාරියෙකු තමාට දුරකථනයෙන් කතා කර කාන්තාවකගෙන් තමාට එරෙහිව ලිංගික අතවර පැමිණිල්ලක් ලැබී ඇති බව තමාට පැවසූ බවයි ඔහු පවසා සිටියේ..

තමාගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ගත හැකි සෑම නීතිමය ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් “මෙවැනි ව්‍යාජ චෝදනා නැවැත්විය යුතු” බව තමා විශ්වාස කරන බැවින් අවසානය දක්වාම එයට එරෙහිව සටන් කරන බවත් පෝලි පැවසීය..

“එබැවින්, මම එයට එරෙහිව සටන් කරමි, මා වෙනුවෙන් පමණක් නොව, අනාගතයේදී එවැනි ව්‍යාජ චෝදනාවලට මුහුණ දිය හැකි අනෙක් අය වෙනුවෙන්,” ඔහු පවසා සිටියා..

තමාට අපහාස කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පැමිණිලිකරුට එරෙහිව නඩු පවරන බවත් පැමිණිල්ල සූදානම් කරමින් පවතින බවත් රංගන ශිල්පියා වැඩිදුරටත් සඳහන්කර සිටියේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *