BREAKING NEWS
Search

ඉන්දියාවේ සිට මගීන් 35 දෙනෙකු රැගත් ගුවන් යානයක් කටුනායකට

119

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය මත ශ්‍රී ලාංකික ගුවන් මගීන් 19 දෙනෙකු ඇතුළු ගුවන් මගීන් 35 දෙනෙකු රැගත් ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද දින අලුයම ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් තහවුරු කර සිටියා.

මෙම කොරෝනා ආසාදිත සමයේ ඉන්දියාවේ සිට ලෝකයේ කිසිදු රටක් වෙත ගුවන් මගීන්ගේ පැමිණීම අත්හිටුවා තිබෙනවා.

එහෙත් මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස මෙරටට පැමිණීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය ලබා ගෙන ඉන්දීය ගුවන් සේවය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ බව ඉන්දීය ගුවන් සේවය විසින් ඉන්දීය රජය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට මෙසේ මෙරටට පැමිණීමට අවසර හිමි වී ඇති බවයි ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු පැවසුවේ.

අද දින අලුයම 12.30 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.-273 දරන සාමාන්‍ය මගී ගුවන් යානයෙන් මෙම මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට අමතරව ඉන්දීය ජාතික ගුවන් මගීන් 16 දෙනෙකු ද පැමිණ තිබූ අතර ඔවුන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් බවයි සාරානාත් පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම මෙම ගුවන් යානය අද දින අලුයම 02.15 ට කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන් මගීන් 169 දෙනෙකු රැගෙන යලි ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. මෙසේ පිටත්ව ගිය ගුවන් මගීන් අතර ශ්‍රී ලාංකික සහ ඉන්දීය ජාතික ගුවන් මගීන් ද සිටිය බවයි ඔහු සඳහන් කළේ.

එම ගුවන් මගීන් පිරිස මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 09 ක සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 160ක අසුන් ගෙන සිටිය බවයි ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ.

Nethnews.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *