BREAKING NEWS
Search

මාරක බස් අනතුරකින් පාසල් සිසුන් පස් දෙනෙකු ඇතුළු 11ක් මරුට

379

චීනයේ ෂැන්ඩොං ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

පාසල් ළමුන් රැගත් බස් රථයක් මාර්ගය අසල රැදී සිටි තවත් සිසුන්  සහ දෙමව්පියන් පිරිසක් වෙත කඩා වැදීමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරෙන් තවත් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඔවුනගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් ය.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *